පුත්තලමට කුණු බැහැර කරනවාට ගාලුමුවදොරදී විරෝධතා

පුත්තලමට කුණු බැහැර කරනවාට ගාලුමුවදොරදී විරෝධතා

by Staff writer 19-03-2019 | 12:18 PM
COLOMBO (News 1st) : පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට කසල බැහැර කිරීමට විරෝධය පළ කරමින් පිරිසක් අද ගාලුමුවදොරදී විරෝධතාවයක නිරත වූහ. විරෝධතාව සඳහා පුත්තලම ප්‍රදේශයේ ජනතාව පැමිණ තිබූ අතර ඔවුන් පසවන්නේ අරුවක්කාලු ප්‍රදේශයට කසළ බැහැර කිරීමේ වහාම නතර කරන ලෙසයි. අප වාර්තාකරු පැවසුවේ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීම සඳහා පා ගමනින් පැමිණෙමින් සිටින බවයි.