නිධන් කැනීමට අනුබල දුන් ඊච්චන්කුලමේ OIC අත්අඩංගුවට

නිධන් කැනීමට අනුබල දුන් ඊච්චන්කුලමේ OIC අත්අඩංගුවට

by Staff writer 19-03-2019 | 10:58 AM
COLOMBO (News 1st) : ඊච්චන්කුලම, කල්මඩුල ප්‍රදේශයේ පුරාවස්තු කැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඊච්චන්කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා අලුයම 1.30 ට පමණ ඊච්චන්කුලම, කල්මඩුල ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කළ සැකකරුවන් 5 දෙනෙකු වව්නියාව දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, එම සිද්ධියට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඊච්චන්කුලම පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක, සුභාෂ් කුමාර හා පොලිස් කොස්තාපල් විසුල් නිලන්ත යන මහත්වරුන් අද වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි. සැකකරුවන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.