නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

by Staff writer 19-03-2019 | 12:54 PM
COLOMBO (News 1st) : ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. නාලක සිල්වා මහතාට එරෙහිව ඇති චෝදනා අධිකරණය හමුවේ සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ මහතා විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.