තෙමසක් තුළ හෙරොයින් කිලෝ 700ක් පොලිස් භාරයට

තෙමසක් තුළ හෙරොයින් කිලෝ 700ක් පොලිස් භාරයට

by Staff writer 19-03-2019 | 7:54 AM
COLOMBO (News 1st) : පසුගිය ජනවාරි පළමු වනදා සිට අද දක්වා කාල සීමාව තුළ මෙරටින් හෙරොයින් කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇතැයි පොලීසිය පවසයි. එම හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 9000 කට ආසන්නයි. අදාළ කාලය තුළ ගංජා කිලෝග්‍රෑම් 1400කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව දස දහස ඉක්මවන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.