කෘෂි හානි අවම කිරීමට ගොවීන්ට වායු රයිෆල්

කෘෂි හානි අවම කිරීමට ගොවීන්ට වායු රයිෆල්

by Staff writer 19-03-2019 | 7:26 AM
COLOMBO (News 1st) : වන සතුන්ගෙන් සිදුවන කෘෂි හානි අවම කිරීම සඳහා සහන පදනම යටතේ, ගොවීන්ට වායු රයිෆල් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ. කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, වගා හානි වැළැක්වීම සම්බන්ධයෙන් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා සඳහන් කලේ, ඒ සඳහා ජනතාවට මාසයක කාලයක ලබා දෙන බවයි.