20 යි 20 එන ද. අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

20යි 20 තරගාවලියේ ද. අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 18-03-2019 | 7:13 AM
COLOMBO (News 1st) : සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී දකුණූ අප්‍රිකාව මෙහෙයවීමේ වගකීම නිත්‍ය නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට හිමිව ඇති අතර දෙවන හා අවසන් පන්දුවාර 20යි 20 තරගවල නායකත්වය ජේ. පී. ඩුමිනිට හිමිව තිබේ. නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසිස්, කඩුලු රකින ක්‍රීඩක ක්වෙන්ටන් ඩී. කොක්, දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් සහ වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා යන ක්‍රීඩකයින් දෙවන හා තෙවන තරගවලදී විවේක ගන්වා ඇති බව වාර්තා වේ. ඔවුන් වෙනුවට ශ්‍රී ලංකාවට එරෙහි දෙවන හා තුන්වන පන්දුවාර 20යි 20 තරග සඳහා ක්‍රිස් මෝරිස් , හා නවක ක්‍රීඩකයින් වන සයිනතෙම්බා කියුෂෙල් හා ලූතෝ සිපම්ලා කැඳවා තිබේ. තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය හෙට කේප් ටවුන් හීදීත්, දෙවන තරගය එළඹෙන 22 වන දා සෙන්චූරියන් හිදීත්, තුන්වන හා අවසන් තරගය එළඹෙන 24 වන දා ජොහැන්ස්බර්ග්හිදීත් පැවැත්වේ. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ දක්වා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග 5 ක් දකුණු අප්‍රිකා කණ්ඩායම ඇති අතර අනෙක් තරග 5 ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබේ.