'රත්තරං' මන්ත්‍රී ධුරයෙන් සමුගනී

'රත්තරං' මන්ත්‍රී ධුරයෙන් සමුගනී

by Sagarika Chathumali 18-03-2019 | 9:59 AM
COLOMBO (News 1st) : තමාට එරෙහි නඩු විභාගය අවසන් වන තෙක් මන්ත්‍රී ධුරය ඇතුළු තනතුරුවලින් ඉවත්වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පවසයි. ගාල්ල, බටදූවේදී අද උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසූවේ, තමාට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩු විභාගය ස්වාධීනව සිදුකර ගෙන යාමට ඉඩ දීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් එල්ල වී ඇති චෝදනාවට තමා සම්බන්ධ නොමැති බවත් චෝදනා පිළිනොගන්න බවත් ඔහු එහිදී අවධාරණය කළේ ය. තව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ලෝක දේශපාලන මතය අනුව යමින් තමා දේශපාලනයෙන් සමුගැනීමේ මෙම තීරණයට එළැඹි බවයි. 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට අක්මීමන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මන්ත්‍රීවරයා පසුගිය 28 වන දා පොලිස් අත්අඩංගුවට පත්විය. https://www.youtube.com/watch?v=-KBmSGbj4lQ