පුත්තලමේ මාරක අනතුරක් : සිව් දෙනෙක් මරුට

පුත්තලමේ මාරක අනතුරක් : සිව් දෙනෙක් මරුට

by Staff writer 18-03-2019 | 6:18 AM
COLOMBO (News 1st) : පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 4 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි අයෙකු මියගිය පුද්ගලයින් අතර වන බවයි. අද අලුයම 1.45ට පමණ යාපනයේ සිට කොළඹ බලා පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු රැගත් වෑන් රථයක් හා කොළඹ සිට පුත්තම දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරුකර එවා තිබේ.