ක්‍රිකට් වංචා ලේඛන ගැන ඇමති අර්ජුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

by Staff writer 18-03-2019 | 7:31 PM

COLOMBO (News 1st ) - අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු ව ඇති දූෂණ හා වංචා පිළිබඳ තොරතුරු රැසක් සභාගත කර තිබේ.

අමාත්‍ය අර්ජුන රණතුංග,
විශේෂයෙන්ම අයථා ලෙස විදේශ ගිණුමකට යූ එස් ඩොලර්ස් එක් ලක්ෂ අසූ හත්දහස් නවසීයක් හොංකොං ගිණුමකට යවලා තියෙනවා. ඩොලර් මිලියන 5.5ක මුදලක් තව ත් ගිණුමකට යවන් උත්සාහ කරලා තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානියා පියල් දිසානායක කියන පුද්ගලයා අත්අඩංගුවට අරගෙන දැන් ඇප පිට නිදහස් කරලා තියෙනවා. අදාළ ලිපිගොනු සියල්ල අමුණලා තියෙනවා. මේ සියල්ල හැන්ඩ්සාඩ්ගත කරන්න. ශ්‍රී ලංකාවේ තරග පාවාදීමකට වැරදිකරු වූ රවීන් වික්‍රමරත්න කියන පුද්ගලයා අද ක්‍රිකට් උපසභාපති කෙනෙක්. එතුමා මේ තරග පාවාදීම ගැන ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ කමිටුවෙන් වැරදකරුවෙක් වෙලා තියෙනවා. මේ වාර්තාවත් මා ළඟ සම්පූර්ණයෙන් තියෙනවා. මේකත් හැන්ඩ්සාඩ්ගත කරන්න. මෙම බෞද්ධයෙක්. මිලියන 25ක් පන්සලක විශ්වවිද්‍යාලයක් හදන්න චෙක්පත් දීලා තියෙනවා හිමි කෙනෙක්ගේ නමකට. මේකත් හැන්ඩ්සාඩ්ගත කරන්න. ඒ වගේම තමයි ක්‍රිකට් පරිපාලනයේ හිටපු තිලංග සුමතිපාල මහත්මයා දැනටත් ක්‍රිකට් ආයතනයේ යම් යම් තනතුරු දරනවා. දෙදාස් දාසයේ දහයයි විසි හත ක්‍රීඩා පණතේ ''ග'' වගන්තියට අනුව ඔට්ටු ඇල්ලීම හෝ ඔට්ටු තැබීම ව්‍යාපාරවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නම් ක්‍රීඩා පරිපාලනයේ තනතුරු දරන්න බෑ. මා ළඟ සාක්ෂි එක්ක තියෙනවා. යූ ඩබ්ලිව් ජේ පී සුමතිපාල මහත්මයා කියන්නේ ජගත් සුමතිපාල මහත්මයා, තිලංග සුමතිපාල මහත්මයාගේ එක් කුස උපන් සහෝදරයා. ස්පෝටින් ස්ටාර් ව්‍යාපාර වෙනුවෙන් බදු ගෙවනවා. සාක්ෂි ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තහවුරු කළ සහතිකය මම හැන්ඩ්සාඩ්ගත කරන්න ඕනේ. ක්‍රිකට් නිලවරණයක් පැවැත්වුවා. මමත් නිලවරණයට ඉදිරිපත් වුනා. හැබැයි කවදාවත් මට ක්‍රිකට් නිලවරණයකට ගිහිල්ලා දින්න බෑ. ඒක දිනන්නේ ඡන්ද පදනමක් නැති සූදු ව්‍යාපාරවලට සම්බන්ධ හොරකම් කරන්න දෙන පුද්ගලයන්. ලෝක කුසලාන තරග නරඹන්න දැනටම ප්ලැටිනම් ටිකට් ලබා දෙන්න කටයුත කරලා තියෙනවා මං දන්න හැටියට 30 ක්. මේක විශාල මුදලක්. මෙන්න මේ තමයි ක්‍රිකට් පගාව. අපිට තිබුන ලොකුම ගෞරවය තමයි මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකක්. තරග පාවාදීම සඳහා වෙනම කාර්යාලයක් මේ රටේ ස්ථාපිත කරන්ඩ කිව්වා. ඒ ක්‍රමවේදය තමයි අපිට ලැබිච්ච විශාලමදායාදය. මොකද ඒකෙන් පෙන්නුවා මේ ක්‍රිකට් ක්‍රීඩාව නරකම තත්ත්වයට පත් වෙලා තියෙන රට ශ්‍රී ලංකාව කියලා. අපි දන්නවා දයාසිරි ජයසේකර ඇමතිතුමා එතුමාගේ බිංගිරිය ආසනයේ ක්‍රීඩාංගණයක් හදලා තියෙනවා රුපියල් මිලියන 52ක් වියදම් කරලා. ක්‍රීඩා ඇමතිතුමා ගිහිල්ලා බලන්ඩ මේ ක්‍රීඩාංගණය හදලා තියෙනවද කියලා. මේ වගේ දේවල් තමයි ඔෆීෂියල් විදිහට පගාව දෙන එක. ඒ කියන්නේ නීත්‍යානුකූලව පගාව දෙන ක්‍රමවේදය ක්‍රිකට් පරිපාලනය පහුගිය කාලේ කළා. අද ක්‍රිකට් වැටිලා තියෙනවා. ක්‍රීඩකයින්ට අවශ්‍ය වෙන්නේ ක්‍රීඩා කිරීම මිස ඉන්ටර්නෙට්වලට ෆේස්බුක්වලට ගිහිල්ලා කාලයගත කිරීම නෙවෙයි. මෙන්න මේ වගේ දේවල් වෙනස් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මම දන්නේ නෑ අද ඉන්න පරිපාලනයට එක් කරන්න පුළුවන්ද කියලා.
අර්ජුන රණතුංග ඇමතිවරයා මෙලෙස සියලු තොරතුරු සනාථ කරන්නේ ඒ සඳහා අදාළ ලියකියවිලි තොරතුරු සභාගත කරමිනි. එම නිසා තිලංග සුමතිපාල මහතා අවලාද ස්වරූපයෙන් ඉදිරිපත් කරන සියලු තොරතුරු වෙනුවන් අපට කාලය වෙන් කළ නොහැකිය. අර්ජුන රණතුංග අමාත්‍යවරයා සහ තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් අපට කිසිදු විරෝධයක් ද නැත. ඔවුනට වඩා වැඩි කාලයක්, ශ්‍රමයක්, ධනයද අප මෙරට ක්‍රීඩාව වෙනුවෙන් කැප කළ බව සියලු දෙනා දන්නා ඉතා පැහැදිලි සත්‍යයකි. එබැවින් සාක්ෂි සහ තොරතුරු සහිතව ඉදිරිපත් කරන ඕනෑම කරුණක් වාර්තා කිරීමට අප පසුබට නොවන බව සිහිපත් කළ යුතුයි. තිලංග සුමතිපාල,
හෙට්ටිපොල ක්‍රීඩාංගණය ඇවිල්ලා අපේ වයඹ කේන්ද්‍රියයි. කුරුණෑගලත් පුත්තලමත් අතර හෙට්ටිපොල තෝරාගෙන තියනෙවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වෙන් කරලා තියෙනවා. අපි මිලියන 40 දක්වා අවුරුදු 30ක් දක්වා වෙන කරලා තියෙනවා. අවුරුදද්ට මිලියන 15ක් 20ක් අතර දියුනු කරන්න. දැන් අපේ ජනාධිපතිතුමාගේ මල්ලිට පොරොවෙන් ගහලා බැලුවේ. ඉතිං ජනාධිපතුමා ඉල්ලා අස්වෙන්නේ නෑ. ෆයිසර් අමාත්‍යතුමා ඉන්න කාළේ ඩොලර් මිලියන 5ක් ගන්ඩ උත්සාහ ගත්තලු. ඔව් උත්සාහ අරන් තියෙනවා. අපි හිටියානම් ඒ උත්සාහයවවත් ගන්නේ නෑ. එක්ලක්ෂ අසූපන් දහසක් රටකට යවලලු. හැබැයි ඒ සල්ලි අපි ගෙන්නා ගන්නවා. ඒ වගේම තාම අපි දන්නේ නෑ ඒක සයිබර් ඇටෑක් එකක්ද කියලා. මොකද අපිට පාඩුවක් වෙලා නෑ. හැබැයි ඒවා සිද්ධ වෙන්නේ ඇයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මිලියන ගණනක මුදලක් බැංකොක් ගිණුමක් හරහා වෙනත් රටකට යැවීමේ උත්සහයක් පිළිබඳව අප තොරතුරු වාර්තා කළෙමු. එවක ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධ පැමිණිල්ල පොලිසීයකට හෝ ඉදිරිපත් කිරීමට මැලිවෙද්දී අප ඒ කළ අනාවරණය හා අනෙකුත් කරුණු හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් එය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමට කටයුතු කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමට එවක ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේ, එහෙත් අප දිගින් දිගටම කළ අනාවරණය හමුවේයි. තිලංග සුමතිපාල මහතා කියා සිටින්නේ මෙය සයිබර් ප්‍රහායක් විය හැකි බවයි. සුමතිපාල මහතා එසේ පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිගණක මෙහෙයුම් පද්ධතිය කිසිදු අයුරකින් සයිබර් ප්‍රහාරයකට ලක් ව නොමැති එම ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානියා මෙවැනි ප්‍රකාශයකින්ම වගකීමකින් යුතුව සඳහන් කර තිබියදීයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානි, නදීශාන් සූරියආරච්චිගේ,
අපිට පැහැදිලි සාක්ෂි තියෙනවා මෙතෙන ඒක අපේ ඊ මේල් සර්වර් එකෙන්මයි ගියේ කියලා. ඒක නිසා තමයි මේක අපි තව ඉහළට ගෙනියන්න තීරණය කළේ, ඉන්ඩිපෙන්ඩන්ට් ඔතොරිටි එකකින් මේක ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕන කියලා, විශේෂයෙන්ම සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකකින්.
ප්‍රශ්නය
එහෙම දෙයක් කරන්න පුළුවන් ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානි, නදීශාන් සූරියආරච්චිගේ,
මේක ඇත්තටම හැක් කරලා නැහැයි කියන්න අපිට ප්‍රධාන සාක්ෂි තියෙනවා.