ක්ලෝරීන් ආඝ්‍රානයවී සේවකයින් දෙදෙනෙකු රෝහලේ

ක්ලෝරීන් ආඝ්‍රානයවී ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු රෝහලේ

by Staff writer 18-03-2019 | 5:53 PM

COLOMBO (News 1st) - ක්ලෝරීන් වායුව ආඝ්‍රානයවීමෙන් මස්කෙලිය ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දෙදෙනකු රෝහල්ගත කර තිබේ.

අද උදෑසන පාරිභෝගිකයින්ට ලබා දෙන ජලය පිරිපහදු කිරීම සඳහා සේවකයෙකු විසින් ක්ලෝරින් අඩංගු ගෑස් සිලින්ඩරයක් මාරු කිරීමට යාමේදී කාන්දුවකින් මෙය සිදු ව ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය. මස්කෙලිය ජල සම්පාදන මණ්ඩලය අවට සිටින ප්‍රදේශවාසීන්ටත් මෙයින් දැඩි බලපෑම් ඇති ව තිබේ. කාන්දු වූ ක්ලෝරීන් වායුව පැතිර යාම වැලැක්වීමට ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් පියවර ගෙන ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/377734969445682/