by Staff writer 18-03-2019 | 1:46 PM
COLOMBO (News 1st) : අම්බලන්ගොඩ හා ඌරගහ ප්‍රදේශවල ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමට පැමිණි බවට සැකකරන පුද්ගලයින් තිදෙනෙකු ඇල්පිටිය, මන්ඩන්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත කාර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද පිස්තෝලයක්, මිලිමීටර් 9 ජිව උණ්ඩ 3 ක්, මන්නා පිහි 2 ක්, මුහුණු ආවරණ 4 ක්, අත් මේස් ජෝඩු 2 ක්, සොරකම් කරන ලද වාහන අංක තහඩු දෙකක් සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අදාළ කාර් රථය ද පොලීසියට භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්බලන්ගොඩ, ඌරගහ, හා වතුගෙදර යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකි.