අන්තරේ කැඳවුම්කරුට ඇප ලැබෙයි

අන්තරේ කැඳවුම්කරුට ඇප ලැබෙයි

by Sagarika Chathumali 18-03-2019 | 11:18 AM
COLOMBO (News 1st) : බත්තරමුල්ලේ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර ඇප මත මුදා හැර තිබේ. ඒ, අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී මහිල් බණ්ඩාර දෙහිදෙණිය මහතා රුපියල් එක් ලක්ෂ පනස් දහසක ශරීර ඇපයක් මත මුදාහැරිමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පසුගිය 14 වන දායි. පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයේදි කළහකාරි ලෙස හැසිරීමේ චෝදනා මත මහිල් බණ්ඩාර දෙහිදෙණිය අත්අඩංගුවට පත්විය. ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර එහිදී උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුලුගෑස් ප්‍රහාර ද එල්ල කළේ ය. උද්‍ඝෝෂණයට අදාළ දර්ශන පහතින්….  https://youtu.be/CuvvzrhwyBQ