අද සවසත් පළාත් රැසකට මහ වැසි

අද සවසත් පළාත් රැසකට මහ වැසි

by Staff writer 18-03-2019 | 7:09 AM
COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, සහ ඌව පළාත්වලට පස්වරු 2න් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ද සඳහන් ය. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ප්‍රදේශවලට වැසි සමග ප්‍රබල අකුණු ද ඇතිවිය හැකි බවයි.