වත්තල බෝපිටියේ මුහුදු වැලි ජාවාරමක්

වත්තල බෝපිටියේ මුහුදු වැලි ජාවාරමක්

by Staff writer 17-03-2019 | 10:13 PM
COLOMBO (News 1st) : වත්තල පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ සාගරසිරිගම ධීවර තොටුපල ආශ්‍රිතව මුහුදු වැලි ජාවාරමක් සිදු වන බව වාර්තා වේ. පසුගිය 15,16 යන දිනවල බෝපිටිය ප්‍රදේශයේ ධීවරයින් මඩු දේවස්ථානය වන්දනාව සඳහා පිටත්ව ගොස් තිබේ. වන්දනාව අවසන් කර යළි ගම්මානට පැමිණි ධීවරයින්ට ධීවර තොටුපොළ ආසන්නයේ වැලි හාරන ලද වලවල් රැසක් දැක ගත හැකි විය. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ අරියාලේ ප්‍රදේශයේ අනවසර වැලි කැනීම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය ඔවුන්ගේ රාජකාරියට බාධා කර සැකකරුවන් මුදා ගැනීමට තැත් කර ඇති බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම හා සමානවම, පරිසරය විනාශ කරමින් රටපුරා සිදුවන නීතිවිරෝධි වැලී කැනීම් සම්බන්ධයෙන්ද දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේ ද.?