ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 17-03-2019 | 6:30 AM

දේශීය පුවත්

1. මෙරට දේශපාලනය යනු හොරකමට ලයිසන් එකක් – අනුර කුමාර දිසානායක: මෙරට දේශපාලනය යනු හොරකමට ලයිසන් එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි. 2. ලංකාවට එතනෝල් ගෙන්නන්නේ කවුද? – රන්ජන් හෙළි කරයි: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පළ වූ අදහස්වලට රන්ජන් රාමනායක මහතා පැවසුවේ, විපක්ෂයේ බහුතරයක් කොකේන් භාවිත කිරීම සහ මෙරටට ගෙන්වීම සිදු කරන බවයි. 3. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ සභාපති එම්.කේ. අමිල ධූරයෙන් ඉවතට: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතා එහි සභාපති ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. 4. රන්ජන් නිසා මම දැඩි අපහසුතාවට පත් වුණා – කථානායක කියයි: කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය හේතුවෙන් තමා දැඩි අපහසුතාවට පත් වූ බව කථානායක කරු ජයසූරිය පවසයි. 5. ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් මස්ටෑන්ග් කුසලානය රාජකීයයන් දිනා ගනී: ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරදවා 44 වන මස්ටෑන්ග් කුසලානය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.

විදෙස් පුවත්

6. ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට: නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කළ ප්‍රධාන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.