by Staff writer 16-03-2019 | 8:59 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පළ වූ අදහස්වලට රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දැක්වීය.
මෙහිදී රන්ජන් රාමනායක මහතා පැවසුවේ, විපක්ෂයේ බහුතරයක් කොකේන් භාවිත කිරීම සහ මෙරටට ගෙන්වීම සිදු කරන බව ය.
මේ අතර මෙරටට එතනෝල් ගෙන්වන මන්ත්‍රීවරුන් පිළිබඳව ද රන්ජන් රාමනායක මහතා මෙහිදී අනාවරණයක් කළ අතර ඔහු පැවසුවේ, ආණ්ඩු පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු මෙලෙස එතනෝල් ගෙන්වන බව ය.
එම මන්ත්‍රීවරුන් වන්නේ ලක්ෂ්මන් වසන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අරුන්දික ප්‍රනාන්දු.