මෙරට දේශපාලනය යනු හොරකමට ලයිසන් එකක් - අනුර කුමාර දිසානායක

by Staff writer 16-03-2019 | 9:55 PM
COLOMBO (News 1st) - මෙරට දේශපාලනය යනු හොරකමට ලයිසන් එකක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ඊයේ කුරුණෑගල දොඩම්ගස්ලන්ද ආසන බලමණ්ඩල රැස්වීමේදී ය. රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන හොරකම්වලට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සාධාරණ ද යන්න මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ප්‍රශ්න කළේ ය. පසුගිය වසරේ ඔක්තෝබර් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා පක්ෂ දෙක මන්ත්‍රීවරුන් මුදලට ගනිමින් කටයුතු කළ ආකාරය පිළිබඳව ද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ ය.