කාදර් මස්තාන්ගේ කැබ් රථයේ ගැටී 3 දෙනෙකුට තුවාල

මන්ත්‍රී කාදර් මස්තාන්ගේ කැබ් රථයේ ගැටී කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකුට තුවාල

by Staff writer 16-03-2019 | 2:06 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ගමන් ගත් කැබ් රථය වවුනියාව කුඹුගොල්ල මන්සන්ධියේදී යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ අවුරුදු එකහමාරක් වයසැති දරුවා , 27 හැවිරිදි පිරිමි පුද්ගලයා හා 25 හැවිරිදි කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බව ය. අනතුර සිදු වන අවස්ථාවේදී කාදර් මස්තාන් මහතා ද කැබ් රථයේ ගමන් ගෙන තිබේ. අද පෙරවරු 9.00ට පමණ සිදු වූ අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.