පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 2646ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2646ක් අත්අඩංගුවට

by Staff writer 16-03-2019 | 4:35 PM
COLOMBO (News 1st) - පොලීසිය ක්‍රියාත්මක කළ විශේෂ අපරාධ මෙහෙයුමකදී සැකකරුවන් 2646 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රී 9.00 සිට අද උදෑසන 6.00 දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ය. එම මෙහෙයුමේදී හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 1790ක්, වරෙන්තුකරුවන් 623 දෙනෙකු සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 101 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 125 දෙනෙකු සහ බලපත්‍ර නොමැති තුවක්කු ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.