ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 16-03-2019 | 7:04 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. සිංගප්පූරු ගිවිසුමේදී ඇමති මලික් අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇති බවට පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබේ. 2. කෙන්යාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයින් එකඟතාව පළ කර තිබේ. 3. ගාල්ල, දෙවට වෙරළබඩ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඊයේ පියවර ගත්හ. ඊට ප්‍ර‍දේශවාසීන් විරෝධය පළ කිරීමත් සමග එහි ඇති වූයේ උණුසුම් තත්ත්වයකි. 4. මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ වාහන ලියාපදිංචියේ යම් අඩුවීමක් සිදු ව තිබේ. 5. බැඳුම්කර වංචාව තම වරදක් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 6. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන 26 වන දා සිට ලබන අප්‍රේල් 12 වන දා දක්වා විදේශගත වීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ අවසර ලබා දී තිබේ. විදෙස් පුවත් 7. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තිබේ. 8. ලොව පුරා බිඳ වැටී තිබූ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 9. ලෝක කුසලානයට අප සූදානම් ද?