by Staff writer 16-03-2019 | 9:26 AM
COLOMBO (News 1st) - බදුල්ල හාලිඇළ, පස්සර හා නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල සුළු භූ චලනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යංශය පවසයි.
එහි භූ කම්පන නිරීක්ෂණ අංශය පැවසුවේ, චලනයේ දත්ත එක්රැස් කරමින් සිටින බව ය.
භූ චලනය අද පෙරවරු 8.16 සිට තත්ත්පර 10ක පමණ කාලයක් පැවැති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.