වත්තලදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත

වත්තලදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත

වත්තලදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත

කර්තෘ Staff writer

16 Mar, 2019 | 7:41 am

COLOMBO (News 1st) – වත්තල හේකිත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය හා ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයින් සිව් දෙනා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, වැඩිදුර විමර්ශන සඳහා සැකැකරුවන් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දුන් බව ය.

පොලිස් විශේෂ කාර්ය බලකාය වත්තල හේකිත්ත ප්‍රදේශයේ ඊයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් සමග පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් සමග හෙරොයින් කිලෝග්‍රෑම් 17ක්, කොකේන් කිලෝග්‍රෑම් එකක්, හසීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 500ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල 2ක් සහ පිස්තෝල 5ක්, ව්‍යාජ අංක තහඩු 15ක් සහ අත්විලංගු යුවළ කිහිපයක් ද සොයා ගත් බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජම්පටා වීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ මලිදු හෙවත් මලී නමැති පාතාල කල්ලි සාමාජිකයා ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.