COLOMBO (News 1st) - සිඩ්නි ජයරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සිටියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊට මැදිහත්වීමත් සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
එක්සත් ජාතික පක්ෂයේ පා.ම, සිඩ්නි ජයරත්න,
මම අද තමුන්වහන්සේගෙන් අහනවා තමුන් වහන්සේ ඇයි අද සැර? අහිංසක අර පොලීසියේ නිලධාරියාට මොකද කරන්නේ තමුන්නාන්සේ කියන්න. ජනාධිපතිතුමාට කියලා ෂේප් කරගත්තා. මොනවද ලැජ්ජනැති වැඩ කරන්න එපා මන්ත්‍රීතුමා. ලැජ්ජ නැති. අර අහිංසක ඕ අයි සී මහත්තයාගේ පවුලට වග කියන්නේ කවුද? දරුවෝ හදන්න දරුවෝ විදියට. මෙතන ඇවිල්ලා කෑ ගහනවා බේබද්දො වගේ දරුවෝ හදලා ක්ලබ්වල යවලා. අහිංසක මිනිස්සු මරලා මෙතන දැන් සුදනා වගේ කතා කරනවා තමුන්වහන්සේ. මම දැක්කා දැන් දවස් දෙකකට එහා අර මොකාද අර නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ හිටියේ මෙතන. අද පොඩ්ඩක් පණ ඇවිල්ලා.
එක්සත් ජනතා නිදහස් සන්දානයේ පා.ම, මහින්දානන්ද අලුත්ගමගේ,
ඔබතුමා ඔය ඕන එකක් කියන්න මට ප්‍රශ්නයක් නැහැ ඒක. ඒකේ උසාවියේ නඩුවක් තියෙනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම ක්ලබ් එකක ගිහිල්ලා වත් එහෙම කතා වක් වෙලත් නැහැ. හැබැයි මතක තියාගන්න මම ඔබතුමා වගේ කාන්තාවක් එක්ක ගිහිල්ලා ගහ උඩ හිට්ටේ නැහැ. මතකයිනේ.
එක්සත් ජාතික පක්ෂයේ පා.ම, සිඩ්නි ජයරත්න,
තමුන්වහන්සේ කාන්තාවෝ කී දෙනෙක් අනාත කරලාද දැන් වෙන කාන්තාවක් බැදගෙන ඉන්නේ. ඒක දන්නවාද? එක්කෙනෙකුට ඇයි කෝටිගාණක් වන්දි ගෙවුවේ. මම එහෙම කරලා නැහැ. රාජපක්ෂ ආණ්ඩුවෙන් හොරකම් කරපු සල්ලි ගෙවන්නේ. මිලියන 50ක්..
එක්සත් ජාතික පක්ෂයේ පා.ම, සිඩ්නි ජයරත්න,
ඒක අහන්න ඕනි ගිහිල්ලා ඔයාගේ මෑණියන්ගෙන් අහගන්න. තමුන්වහන්සේගේ. කොහේද හිටියේ කියලා. අර නිමල්කාගෙන් ඇහුවනම් හරි නිමල්කා දන්නවා. ගහ උඩද හිටියේ කොහේද කියලා. නිමල්කාද උඩ හිටියේ ඔයාද කියලා නිමල්කා කියයි.
කවුද නිමල්කා?
මෙවැනි සිදුවීම් දකින විට පසුගිය දා අපගේ කතුවැකියෙන් මුළු රටටම පැවසූ දේ තව ත වත් සනාථ වෙයි.
රටේ ජනතාව වෙනුවෙන් සහ අනාගත පරම්පරාව වෙනුවෙන් අප විසින් පාර්ලිමේන්තුවට යවා ඇත්තේ මෙවැන්නන් ද ?
ඡන්දයට පෙර සිතන්න...