අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියා ලැබෙන්නේ කුලියාපිටියට පමණ ද ?

by Staff writer 15-03-2019 | 9:30 PM

COLOMBO (News 1st) - අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වැනි දිනය අද යි.

අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද විවාදයට ගනුණි. මේ එම විවාදයේදී පළ වූයේ මෙවැනි අදහසකි. ජනතා විමුක්ති පෙරමුණේ පා.ම, බිමල් රත්නායක,
අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කරන්න කියනවා . රාජපක්ෂ කාලයේ මේක විශාල ලෙස කප්පාදු කරගෙන අවිල්ලා මේක 1.7 කට විතර විතර බැස්සුවා .දැන් සියයට 1.04 යි . 2017 - 1.34, 2018 -1.27, රාජපක්ෂ යුගයටත් වඩා මේ මෛත්‍රී - රනිල් යුගයේ මේ කප්පාදු කරනවා කියන්නේ මොකක්ද ? මංගල සමරවීර ඇමතිතුමා කිව්වා උසස් පෙළ ඉහළ ලකුණු ලබාගන්න ලමයින්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා කිසි අවුලක් නෑ දෙන්න 14 දෙනෙක්ට ඒවා අර සමහර චැනැල්වලින් කරන සුපර් ස්ටාර් තරග වගේ ලක්ෂයක් සහභාගී වෙනවා දිනන්නේ එක්කෙනයි ඒක උස්සගෙන යනවා ඊට පස්සේ. මෙතුමා මන්නාරම වව්නියාවට පවා සුළු සේවකයින් කුලියාපිටියෙන් දාලා. මඩුකන්ද ජාතික පාසලේ සුළු සේවකයින් 4 දෙනාම පත්කළා කුලියාපිටියෙන්. ලැජ්ජයි. නුවර දෙමළ ජාතික පාසලට පත්කළා කුරුණෑගලින් ලැජ්ජයි .ඕවා කිව්වහම තමන්ගේ වෙන දේවල් කියලා වහගන්න හොඳ නැහැ. වැදිලා වැදිලා තමුන්නාන්සේගේ මුණ දාගත්තා අච්චු පොත්වල දැන් මේ වගේ පහළ තැනකටට වැටෙන්න එපා ඔබතුමා. දැන් ඔබතුමාගේ ෆොටෝ එක දාන්න විතරක් මිලියන 24 ක් වැඩි පුර ගියා කියලා.
අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම්,
මෙතුමා සම්පූර්ණ මගේ නම සඳහන් කරලා අසත්‍ය ප්‍රකාශ කරනවා. මේ පොත් ගැහීමේදී පණිවිඩය සමග මුහුණ දාලා රුපියලක් හෝ වැඩියෙන් ගිහිල්ලා තියෙනවා කියලා ඔප්පු වුනොත් මං අධ්‍යාපන ඇමතිකමින් අස්වෙනවා.
රජයේ රැකියා ලබාදීමේදී දේශපාලනඥයින්ගේ මැදිහත්වීම් පිළිබඳව ඊයේ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කරුණු පැහැදිලි කළ අයුරු ඔබට මතක ද ? ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, රංජන් ජයලාල්
විදුලිබල මණ්ඩලයට රැකියා දෙන්නේ කොහොමද. මෙන්න තියෙනවා සියඹලාපිටිය මහත්තහයා ඉන්න කාලේ. අපි කියනවා පුළුවන් නම් නඩුදාන්න. අපහාසයට නඩුදාන්න අපි උසාවියට එනවා සේවකයෝත් අරන්. නෝට්ටු පොරොන්දු පත්‍ර මේවා හොර ඒවා නෙවෙයි සේවකයෝ ලක්ෂ 5 ක් දෙනකොට විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ගන්න සියඹලාණ්ඩුව පැත්තේ, අම්පාර පැත්තේ අහිංසක මිනිස්සු මේ සල්ලි දීපුවා
අධ්‍යාපන අමාත්‍යංශයේ රැකියා ලබාදීම සඳහා කවුරුන් හෝ මුදල් ගත් බව අප කියන්නේ නැත. නමුත් මේ අවස්ථා දෙකෙහිම එක්තරා අපිරිසිදු ප්‍රවණතාවක් දක්නට ලැබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයිනි. ඔබ සතුව එවැනි තොරතුරු ඇත්නම් කරුණාකර ජනතාවට ඉදිරිපත් කරන්න.