ලෝක කුසලානයට අප සූදානම් ද ?

ලෝක කුසාලනය වෙනුවනේ අප සැලසුම් සකස් කිරීමට සූදානම් වන්නේ කවදා ද?

by Staff writer 15-03-2019 | 8:40 PM

COLOMBO (News 1st) - ලෝක කුසලානයට ඉතිරිව ඇත්තේ තව ත් දින 76 ක් පමණි.

ඒ සඳහා අප සූදානම් ද ? අඛණ්ඩ පරාජයන් හමුවේ අප තවදුරටත් ලෝක කුසලානය වෙනුවෙන් සිදු කරමින් සිටින්නේ සැලසුම් සකස් කිරීම පමණයි. එය කාලය කා දැමීමක් බව නොවැටහැන්නේ මන් ද? ලෝක කුසලානයක් යනු කණ්ඩායම් අතර තියුණු සටනක් මෙන්ම විටෙක එය යුද්ධයක් සේද සැලකිය හැකියි. මේ යුද්ධයට අප මුහුණ දෙන්නේ කා සමග ද? ලසිත් මාලිංග... ඔහුගේ දැන් වයස අවුරුදු 35 ක්. තරගකාරී ලෝක කුසලානයක් සඳහා පරණ අශ්වයින් සමග සැලසුම් සැකසීම කොතෙක් දුරට සාර්ථක ද? දිගින් දිගටම ලබන පරාජයන් සහ නිමක් නොමැතිව සිදු කරන ක්‍රීඩක වෙනස් කිරීම් හැර වෙනත් විකල්පයන් පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන තෙක් සකස් කළ සැලසුම කුමක් ද? ලෝකයේ බොහෝ නායකයින් බිහිවූයේ ඉතාමත් තරුණ වයසේදීයි. ලොව ජයගත් මේ ක්‍රීඩකයින් ඊට හොඳම උදාහරණයක්. කේන් විලියම්සන් 21, වකාර් යූනිස් 22, ග්‍රැහැම්ස් ස්මිත් 22, කපිල් දේව් 23, සචින් තෙන්ඩිල්කාර් 23, රාවී ශාස්ත්‍රී 24, අර්ජුණ රණතුංග 24 ,විරාත් කෝලි 24 අරවින්ද ද සිල්වා 25 ඇන්ජලෝ මැතිව්ස් 25, ස්ටීවන් ස්මිත් 25 යි. අඩු වයසින් කණ්ඩායමේ නායකත්වය භාර ගනිමින් ක්‍රිකට් ලෝකයේ තම රටේ නාමය ඉහළටම ගෙන ගියේ ය. මෙවැනි තත්ත්වයක් තුළ අප තවමත් නිවැරදි කණ්ඩායම හෝ නිවැරදි නායකත්වය පිළිබඳව තීරණයකට එළැබීමටවත් අපෝසත්වීමෙන් ලෝක කුසලනායක් පිළිබඳව බලාපොරොත්තු තබන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. එමෙන්ම සුපිරි වැටුපකට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවා මෙරට කණ්ඩායම භරගත් දිනයේ සිට මේ වන තෙක් අප ලැබූ ජයග්‍රහණ හා පරාජයන් පිළිබඳ මේ සටහන සාක්ෂි දරනු ඇත. සුපිරි වැටුපකට අමතව වරප්‍රසාද රැසකට හිමිකම් කියමින් ඔහු තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉල්කකයට රැගෙන යාමට සමත් වූයේ ද යන්න බොහෝ දෙනා හමුවේ ඇති ගැටලුවක්. මෙවැනි තත්ත්වයක් තුළ තව ත් දින 76 කින් එළැඹෙන ලෝක කුසාලනය වෙනුවනේ අප සැලසුම් සකස් කිරීමට සූදානම් වන්නේ කවදා ද?