පෙබරවාරියේ වාහන ලියාපදිංචිය පහළට

පෙබරවාරියේ වාහන ලියාපදිංචිය පහළට

by Hashini De Mel 15-03-2019 | 4:29 PM

COLOMBO (News 1st) - මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ වාහන ලියාපදිංචියේ යම් අඩුවීමක් සිදු ව තිබේ.

පෙබරවාරි මාසයේ ලියාපදිංචි වී ඇති මෝටර් රථ සංඛ්‍යාව 2,347 කි. පසුගිය ජනවාරි මාසයේ මෝටර් රථ ලියාපදිංචිය 3147 ක් ලෙස දැක්වෙන අතර පසුගිය වසරේ (2018) පෙබරවාරි මාසයේ මෝටර් රථ 5024 ක් ලියාපදිංචි කර තිබේ. නව මෝටර් රථ ලියාපදිංචිය පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මස 429 සිට 434 දක්වා ඉහළ ගොස් ඇත. නමුත් එම අගය පසුගිය වසරට සාපේක්ෂව ඒකක 733 ක පහළ යාමක් පෙන්නුම් කරයි. භාවිත කළ මෝටර් රථ ලියාපදිංචිය 1913 ක් ලෙස පෙබරවාරි මස දැක්වෙන අතර පසුගිය ජනවාරි මස මෝටර් රථ 2718 ක් ලියාපදිංචි කර තිබේ. නමුත් පසුගිය වසරේ එම කාලයේදී භාවිත කළ මෝටර් රථ ලියාපදිංචිය 4,251 ක් ලෙස සඳහන් වේ. ප්‍රිමියම් මෝටර් රථ පසුගිය පෙබරවාරි මාසයේ ඒකක 111 ක් දක්වා අඩු වූ අතර එය ජනවාරි මාසයේ ඒකක113 ක් ලෙස දැක්විණි. පසුගිය වසරේ (2018) පෙබරවාරි මාසයේ එම ඒකක ගණන වාර්තා වූයේ, 188 ක් ලෙසයි. හයිබ්රිඩ් වාහන පෙබරවාරි මාසයේ ලියාපදිංචිය ඒකක 953 ට අඩු වූ අතර පසුගිය වසරේ (2018) පෙබරවාරි මස ලියාපදිංචි වූ ගණන 2685 කි. යතුරුපැදි ලියාපදිංචිය පෙබරවාරි මාසයේ 23,165 ලෙස වාර්තා වූ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේ එය වාර්තා වූයේ 27,812 ක් ලෙසයි.