හතුරුසිංහ යළි කැඳවන බව ක්‍රිකට් සභාපති කියයි

හතුරුසිංහ යළි කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කියයි

by Staff writer 14-03-2019 | 2:48 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහාතා දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව යළි දිවයිනට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමදී ඔහු සඳහන් කළේ, එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ මහතා දිවයිනට කැඳවීමට තීරණය කළ බවත්, ඉන් අනතුරුව ලෝක කුසලානය සම්බන්ධයෙන් සැලසුම් පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. ලෝක කුසලානය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් පිළිබඳව ඔහු සමඟ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට සහ අනෙකුත් කටයුතු පිළිබඳ ඉදිරි ක්‍රියාමර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ස්ටීව් රික්සන් කටයුතු කරනු ඇති. ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතයි.