by Staff writer 14-03-2019 | 4:24 PM
COLOMBO (News 1st) - ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශගත වීමට තැත් කළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළේ කාර්යංශ පරිශ්‍රයේ සේවයේ නියුතු නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ය.
එම කාන්තාවන් නීත්‍යානුකූල නොවන අනාරක්ෂිත අයුරින් විදේශ රැකියා සඳහා යොමු කරනු ලැබූ විදේශ රැකියා නියෝජිතයින් සහ උප නියෝජිතයින් පිළිබඳව කරුණු සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ ය.