මාලඹේ-කොටුව දුම්රිය ව්‍යාපෘතිය වෙනුවෙන් උපදේශන ගිව

මාලඹේ-කොටුව දුම්රිය ව්‍යාපෘතිය වෙනුවෙන් උපදේශන ගිවිසුමක්

by Staff writer 14-03-2019 | 1:29 PM
COLOMBO (News 1st) : මාලඹේ - කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා වන උපදේශන ගිවිසුමට ඊයේ අත්සන් තැබිණ. මෙම උපදේශන ගිවිසුමට අත්සන් තැබුණේ, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි. එමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා ආයතනය විසින් ලක් රජය වෙත ලබා දෙනු ඇති. මාළඹේ - කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපාන ණය ආධාර යටතේ ඉදි කෙරෙන අතර වර්ෂ 2024 වන විටඑහි කටයුතු අවසන් කිරීමට යෝජිතයි. මාර්ගයේ දුර කිලෝමීටර් 17 ක් වන අතර ඊට සමගාමීව දුම්රිය නැවතුම්පළ 17 ක් ඉදි කෙරෙයි. සෑම විනාඩි 6 කට වරක්ම එම දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 23කි. උපදේශන ගිවිසුමට එළඹෙමින් මහ නගර හා බස්නාහර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ, මෙය දැනට රජය ආයෝජනය කළ විශාලතම ව්‍යාපෘතිය බවයි. උපදේශන ගිවිසුමට එළඹෙමින් මහ නගර හා බස්නාහර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ, මෙය දැනට රජය ආයෝජනය කළ විශාලතම ව්‍යාපෘතිය බවයි. "බලාපොරොත්තු වෙනවා ලබන මාසයේදී එහි මූලික කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි කියලා .වැට් බදු නෙමැතිව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 100 ක පමණ කොන්ත්‍රාත්තුවක් තියෙනවා.ඒක අපිට ලැබෙන්නේ ජපානයෙන් , ණය ආධාරයක් හැටියට .එහි පොලී අනුපාතය 0.1% යි.බිලියන 22 ක ව්‍යාපෘතියක් .මම හිතන්නෙ මේ රටේ දැනට රාජ්‍ය ආයෝජනයකට කරලා තියෙන විශාලතම ව්‍යාපෘතිය මේක.මේක සම්පූර්ණ අළුත්ම ප්‍රවාහන මාදිලියක් .එතකොට මේ කෝච්චි පෙට්ටි ගේන්න ඕනේ , කෝච්චි එන්ජින් ගේන්න ඕනේ .මේවා නඩත්තු කරන මධ්‍යස්ථාන හදන්න ඕනේ .වර්ක්ශොප් හදන්න ඕනේ .නැවතුම් පළවල් හදන්න ඕනේ" තවද 1931 වසරේදි යෝජිත විදුලි දුම්රිය යෝජනාව තවමත් ක්‍රියාත්මක ක්‍රිරීමට නොහැකි වී ඇති බවයි. "මේ රටේ විදුලි දුම්රිය යෝජනා කලේ 1931 දී,අදටත් තවමත් දුවාගන්න බැරි වුණා .මේ රටේ ඇති වෙච්ච මහා පරිමාන ව්‍යාපෘති ඔක්කොම දශක ගනනාවක් ගියා. කටුනායක අධීවෙගී මාර්ගය 1968 පටන් ගත්තෙ .දක්ෂින අධිවේගී මාර්ගය 1991 පටන් ගත්තෙ ,ඒ වගේම බෙලි අත්ත මාතර දුම්රිය මාර්ගය 1994 පටන් ගත්තෙ.මේ ඔක්කෝටම සෑහෙන කාලයක් ගියා"