by Staff writer 14-03-2019 | 2:23 PM
COLOMBO (News 1st) : බෙලිඅත්ත ග්‍රාමීය බැංකුවෙන් මුදල් පැහැරගත් කොල්ලකරුවන් කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.
පොලීසිය පැවසුවේ ඔවුන් සොයාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
යතුරු පැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු ඊයේ පස්වරු 3ට පමණ බෙලිඅත්ත ග්‍රාමීය බැංකුවෙන් මුදල් පැහැරගෙන තිබිණ.
පොලීසිය පැවසුවේ, බැංකුවේ සේවකයින් බිය ගන්වා රුපියල් හය ලක්ෂ විසිතුන්දහසක් පැහරගත් කොල්ලකරුවන් පලාගොස් ඇති බවයි.
එම අවස්ථාවේ බැංකුවේ සේවකයින් 5 දෙනෙකු සිටි බව වාර්තා වේ.
සැකකරුවන් පැමිණ ඇත්තේ අංක තහඩු රහිත යතුරු පැදියකිනි.
මෙය සිදුවන ආකාරය, අසල තිබු CCTV කැමරාවක සටහන්ව තිබිණ.
පොලිසිය පැවසුවේ කොල්ලකරුවන් බැංකුවේ සවිකර තිබු CCTV කැමරා ගලවාගෙන ගොස් ඇති බවට සැක කරන බවයි.