ද. අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

by Staff writer 14-03-2019 | 10:32 PM
COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කෙරිණි. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත් වන අතර පළමු තරගය ලබන අඟහරුවාදා කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිත ය. ඊට නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර කණ්ඩායම මෙහෙයවන්නේ ලසිත් මාලිංග. උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇති අතර සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ යළි කැඳවා තිබේ. අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා සහ තිසර පෙරේරා ද සංචිතයට ඇතුළත් ය. සෙසු ක්‍රීඩකයින් වන්නේ ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් ය.