ජගත් පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 4ක්

ජගත් පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 4ක්

by Staff writer 14-03-2019 | 9:44 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව් වැනි සැසිවාරයේදී විශේෂ දේශනයක් පවත්වා තිබේ. සමුළුව පැවැත්වෙන්නේ කෙන්යාවේ නයිරෝබි නුවරදී ය. පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපතිතුමා මෙම සමුළුවට එක්ව සිටින අතර ප්‍ර‍ධාන සමුළුවට පෙර පැවැති පුනර්ජනනීය බලශක්ති සඳහා නව ව්‍යාපාර ආකෘති යනුවෙන් වූ සමගාමී සමුළුවට ද ජනාධිපතිතුමා එක් විය. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව් වැනි සැසිවාරය ආරම්භ වූයේ ඉන් අනතුරුව ය. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍ර‍මුඛ රාජ්‍ය නායකයින් ඇතුළු රාජතාන්ත්‍රිකයින් 5000කට අධික පිරිසක් ඊට එක්ව සිටියහ.