by Staff writer 14-03-2019 | 2:31 PM
COLOMBO (News 1st) : බලංගොඩ දියවින්න කනිෂ්ඨ විද්‍යාලයේ දූ දරුවන්ගේ දහසක් බලාපොරොත්තු මල්ඵල ගන්වමින්, පානීය ජල ව්‍යාපෘතිය අද සිසු අයිතියට පත් කෙරිණ.
ඒ ගම්මැද්ද වැඩදහසක් ව්‍යාපෘතිය යටතේයි.
රත්නපුර දිස්ත්‍රිකකයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දූෂ්කර පාසලක්වන දියවින්න කනිශ්ඨ විද්‍යාලය පිරිසිදු පානීය ජලය නෙමැතිකමින් දැඩි දුෂ්කරතාවට පත්වතිබූ පාසලකි.
1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඉගනුම ලබන මෙම විද්‍යාලයේ එම ජල ගැටලුව හඳුනාගත් ගම්මැද්ද කණ්ඩායම පසුගිය වසරේ ඔස්තෝම්බර් මාසයේ පානීය ජල ව්‍යපෘතියකට මුල පිරුවේ එහි සිසු දරුවන්ට අස්වැසිල්ලක් වෙමිනි.
පානයට දිය දෝතක් ගැනීමට නොහැකිව බලා සිටි දියවින්න කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ට අද උදෑසන පිරිසිදු පානීය ජලය ලබා දීමට ගම්මැද්ද කණ්ඩායමට හැකිවිය.
ජයසිකුරු මෙහෙයුමේදි දිවි පිදූ සිය පුත් මේජර් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා සහ අභාවප්‍රාප්ත සිය සැමියා ඊ.ඒ. වික්‍රමසේකර මහතා වෙනුවෙන් කළ ඔවුහු මෙම උතුම් පුණ්‍ය ක්‍රියාවට දායක වූහ.
දරුවන්ගේ දුක දැන ගම්මැද්ද මහලේකම් කාර්යාලයට කතාකර මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ රෝසි වික්‍රමසේකර මහත්මිය සහ ඇගේ දියණිය ඇතුළු පිරිස ඉමහත් සතුටට පත්වූහ.