by Staff writer 14-03-2019 | 10:09 PM
COLOMBO (News 1st) - උප්පැන්න, මරණ හා විවාහ ලේඛන සඳහා හඳුන්වා දීමේ අංකයක් යෙදීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ ප්‍රකාශයට පත් වන බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
ඒ අනුව ලබන සෙනසුරාදා සිට මෙය ක්‍රියාවට නැගෙනු ඇති.