බ්‍රෙක්සිට් ගිවිසුම දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි

බ්‍රෙක්සිට් ගිවිසුම දෙවන වරටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉවතට

by Staff writer 13-03-2019 | 7:17 AM
(News 1st) - බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් ගිවිසුම දෙවන වරටත් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී තිබේ. ඒ, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වීමට තවත් දින 17ක් පමණක් තිබියදී ය. ඡන්ද 391ට 242ක් ලෙස මෙවර ඡන්ද විමසීම පරාජයට පත් වූ බව සඳහන් ය. මින් පසු බ්‍රිතාන්‍යය ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් වනවා ද යන්න පිළිබඳව විමසීමට පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වෙනු ඇති. එය ද පරාජයට පත් වුවහොත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ප්‍රමාද කළ යුතු දැයි යන්න විමසා යළිත් වරක් ඡන්දයක් පැවැත්වෙනු ඇතැයි තෙරේසා මේ සඳහන් කළා ය.