මැණික් කොල්ලය: 'පැගිරිවත්තේ සුදා' අත්අඩංගුවට

පන්නිපිටියේ මැණික් කොල්ලය සම්බන්ධයෙන් 'පැගිරිවත්තේ සුදා' අත්අඩංගුවට

by Staff writer 13-03-2019 | 4:50 PM

COLOMBO (News 1st) - පන්නිපිටිය මැණික් කොල්ලය සම්බන්ධයෙන් තව ත් සැකකරුවෙකු අද දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුදා නැමැත්තා බවයි. ඔහු 40 හැවිරිදි ගංගොඩවිල නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් කරුණු අනුව පොලීසිය එම දියමන්ති හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය ද පිළියන්දල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයා ගැනුණි. පසුගිය වසරේ නොවැම්බර් මස 05 වැනි දා මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී දියමන්ති හා මැණික් ගල් කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.