ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 13-03-2019 | 6:51 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ දැමිණි. 2. චීනය හා ශ්‍රී ලංකාව අතර සියලු ණය තොරතුරු ලබා දෙන්නැයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයෙන් ඊයේ ඉල්ලීමක් කළේ ය. 3. රාජ්‍ය සේවකයින් සඳහා ලබන මැයි මස 01 වන දා සිට වාහන ආනයනය කිරීමේ බලපත්‍ර යළි ලබා දීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යංශය පවසයි. 4. මෙවර අයවැයෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන ඉලක්ක ළඟා කර ගත නොහැකි බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩිස් ආයතනය පෙන්වා දෙයි. 5. 2019 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් ඊයේ පස්වරුවේ සම්මත විය. 6. මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සංගීතවේදී ජනනාත් රංග වරකාගොඩ මහතා ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 7. මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකින් සොයා ගැනුණු කිලෝග්‍රෑම් 177 ක හෙරොයින් තොගය ඇෆ්ගනිස්ථානයෙන් සහ පකිස්ථානයෙන් මේ වසරේ ජනවාරි මාසයේ මෙරටට එවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. 8. අල්ලසක් ලබා ගැනීමේදී මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 9. ඉන්දීය සෙබළුන් 40 කට මරු කැඳ වූ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන මුඩාසීර් අහමඩ් ඛාන් ඝාතනය කළ බව ඉන්දීය හමුදාව පවසයි. ක්‍රීඩා පුවත් 10. අමෙරිකා එක්සත් ජනපදයේ සුපිරි යොවුන් පාපැදි ධාවන ශූරියක් වන කෙලී කැට්ලීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.