English
தமிழ்
කර්තෘ Staff writer
13 Mar, 2019 | 7:05 am
COLOMBO (News 1st) – ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.
ඒ, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගුරු – විදුහල්පති ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 30ක සාමාජිකයින් එක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සඳහන් කළේ ය.
මේ අතර ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගැටලු පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා අද පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ජෝසප් ස්ටාලිං මහතා පැවසුවේ ය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඉලක්ක කර ගනිමින් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඇතැම් වෘත්තීය සමිති කටයුතු කරමින් සිටින බව ය.
වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති මොහොතක එය තම වෘත්තීය සංගම්වල ජයක් ලෙස පෙන්වා දෙමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නොමග යැවීමේ උත්සහයක නිරත වීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් ය.
ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කරන ලද යෝජනාවලිය මේ වන විටත් රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිෂන් සභාව වෙත යොමු කර අවසන් බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ නිර්දේශ ලැබීමෙන් අනතුරුව අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
11 Jun, 2021 | 08:25 AM
29 Sep, 2019 | 08:23 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS