
කන්චිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු STF අත්අඩංගුවට
කන්චිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු STF අත්අඩංගුවට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ඩුබායිහි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කන්චිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ගම්පොළ ගම්පොළවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මාලිගාවත්ත ,මෛත්‍රී බෝධිරාජ මාවතේ පදිංචි මොහොමඩ් සම්මූර් මොහොමඩ් සියාම් නොහොත් ජීබුම්බා නමැත්තා අද අලුයම එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ මෙහෙයුම කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
සැකකරු පසුගියදා මාළිගාවත්ත ප්‍රදේශයේදී කුඩු චූටි නමැත්තියට වෙඩි තැබීම ඇතුළු කොළඹ සිදු වූ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.
33 හැවිරිදි ඔහු කළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ