කුඩු සමග ඇල්ලූ යුවළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට

හෙරොයින් සමග ඇල්ලූ මොරටුවේ යුවළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදෙයි

by Sagarika Chathumali 12-03-2019 | 6:54 AM
COLOMBO (News 1st) : මොරටුව, රාවතාවත්තේ නිවසකින් හමුවූ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් යුවළ සම්බන්ධයෙන්, ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකාර යුවළගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා යොමු කළ බවයි. හෙරොයින් සඟවා තිබූ මොරටුව, රාවතාවත්තේ පිහිටි අදාළ නිවස ඔවුන් විසින් කුලී පදනම මත ලබා දී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. මෙම හෙරොයින් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 1800ක් පමණ වේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ ,අදාළ නිවසේ තිබී , ටී .56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 3000 කට අධික ප්‍රමාණයක් සහ පිස්තෝලයක් සිය භාරයට ගත් බවයි. https://youtu.be/JzR9KV9G1cU