ස්වෛරී බැඳුම්කර නිකුතුවකින් අධික පොළියකට ණය මුදල් ගැනීමෙන් සැරසෙන්නේ, රට තවත් ණය කර ආගාධයට ඇද දැමීමට ද?

by Staff writer 12-03-2019 | 9:35 PM
COLOMBO (News 1st) - ස්වෛරී බැඳුම්කර නිකුතුවකින් ලබා ගත් ණය මුදලක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. ශ්‍රී ලංකාව මෙම ස්වෛරී බැඳුම්කර නිකුතුව හරහා අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් ලබා ගෙන ඇති බව අමාත්‍ය රවි කරුණානායක මහතා අනාවරණය කළේ ය. එහිදී අනාවරණය වූයේ, කලාපීය රටවල් අඩු පොළියට මෙවැනි ණය ලබා ගනිද්දී ශ්‍රී ලංකාව වැඩි පොළියකට මෙම ස්වෛරී බැඳුම්කර නිකුතුව සිදු කර ඇති බව ය. මැලේසියාව 3.87%කටත් තායිලන්තය 2.51%කටත් වියට්නාමය 4.87%කටත් ග්‍රීසිය 3.84%කටත් බොක්ස්වානා 5.27%කටත් මෙලෙස ණය ලබා ගෙන ඇති බව රවි කරුණානායක මහතා සඳහන් කළේ ය. නමුත් ශ්‍රී ලංකාව මෙම බැඳුම්කර නිකුතුවෙන් ණය ලබා ගෙන ඇත්තේ, 7.85%ක පොළියකට ය. මේ පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ද නිව්ස්ෆස්ට් සමග එක්වෙමින් අදහස් පළ කළේ ය.