අයවැයෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන ඉලක්ක කරා යා හැකිද?

මෙවර අයවැයෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන ඉලක්ක ළඟා කර ගත හැකි ද?

by Staff writer 12-03-2019 | 7:50 PM
(News 1st) - මෙවර අයවැයෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන ඉලක්ක ළඟා කර ගත නොහැකි බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩිස් ආයතනය පෙන්වා දෙයි. මූඩිස් දර්ශකයට අනුව 2020 වසර වන විට රජයේ අපේක්ෂිත අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5%කි. 2018 වසරේදී අයවැය පරතර ප්‍රතිශතය 4.8%ක් ලෙස ගණන් බලා තිබුණත් එය 5.3%ක් දක්වා ඉහළ ගොස් තිබිණි . මේ වසරේදී ද එවැනිම තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව මූඩිස් ආයතනය පවසයි. ෆිච් දර්ශකයට අනුව ද මෙම ඉලක්ක ළඟා කර ගැනීම ද ඉතා අභියෝගාත්මක කාර්යක් බව සඳහන් ය.