පොලිස් ස්ථානාධිපතිවරුන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම්

by Staff writer 12-03-2019 | 3:22 PM

COLOMBO (News 1st) - සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, මිනුවන්ගොඩ, කුලියාපිටිය, වත්තල, ලග්ගල, ඇහැළියගොඩ, කිලිනොච්චිය, කල්තොට, කොස්ගොඩ, මාණිප්පායි, වැලිඔය, පුඩළුඔය, පොතුහැර, උඩවලව, කොස්ලන්ද, මාරවල, වැලිපැන්න, තෙලිකඩ, මීගහවත්ත ඇතුළු පොලිස් ස්ථාන සඳහා එම නිලධාරීන් මාරු කර යවා ඇති බවයි. මේ අතර ගම්පහ, කොළඹ මධ්‍යම කොට්ඨාසය ඇතුළු පොලිස් කොට්ඨාස කිහිපයක් සඳහා ද පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.