පා පැදි ධාවන ශූරි කෙලී කැට්ලීන් සියදිවි නසාගනී

පා පැදි ධාවන ශූරි කෙලී කැට්ලීන් සියදිවි නසාගනී

by Staff writer 12-03-2019 | 8:29 AM
COLOMBO (News 1st) : ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි යොවුන් පා පැදි ධාවන ශූරියක් වන කෙලී කැට්ලීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ ජීවිතක්ෂයට හේතුව සියදිවි නසා ගැනීමක් බවයි. 23 හැවිරිදි කෙලී කැට්ලීන් ඇමරිකාව නියෝජනය කරමින් 2016 සිට 2018 දක්වා අඛණ්ඩව ලෝක ශූරතාවයත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වූවා ය. කැට්ලින්ගේ පියා වන මාර්ක් කැට්ලින් ලිපියක් මගින් මාධ්‍ය දැනුවත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී කැලිෆෝනියාවේ පිහිටි කැට්ලින්ගේ නිවසේදී ඇය එලෙස සියදිවි නසාගෙන ඇති බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ පා පැදි සම්මේලනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි රොබ් ඩමාටිනි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ,ඇගේ අභාවය පිළිබඳ කනගාටු වන බවත්, ඇයගේ වියෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පා පැදි ක්‍රීඩාවට සිදුවන පාඩුව කිසිවෙකුට පිරිමැසීමට නොහැකි බවයි. ඇමරිකාවේ මිනිසොටා ප්‍රාන්තයේදී උපත ලද කැට්ලින් ගණිතය හා චීන භාෂාව පිළිබඳ උපාධිධාරිනියක ද වන අතර මිය යන විට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද හදාරමින් සිට තිබේ.