ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

by Staff writer 12-03-2019 | 5:32 PM

COLOMBO (News 1st) - මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සංගීතවේදී ජනනාත් රංග වරකාගොඩ මහතා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද උදෑසන 5.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ, 68 හැවිරිදි සුරියපාලුව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.