චීනයෙන් ගත් ණය ගැන තොරතුරු සීලරතන හිමි ඉල්ලයි

චීනයෙන් ගත් ණය ගැන තොරතුරු පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලයි

by Staff writer 12-03-2019 | 9:45 PM
COLOMBO (News 1st) - චීනය හා ශ්‍රී ලංකාව අතර සියලු ණය තොරතුරු ලබා දෙන්නැයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයෙන් අද ඉල්ලීමක් කළේ ය. චීනයෙන් ලබා ගත් මුළු ණය ප්‍රමාණය හා ගෙවීමට ඇති ණය ප්‍රමාණය පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද මුදල් අමාත්‍යංශයට පැමිණ ඉල්ලීමක් කළේ ය.