අල්ලස් ගත් විදුහල්පතිවරයෙකුට වැඩ වරදී

අල්ලස් ගත් මාතර ජාතික පාසලක විදුහල්පතිවරයෙකුට වැඩ වරදී

by Staff writer 12-03-2019 | 3:51 PM
COLOMBO (News 1st) - අල්ලසක් ලබා ගැනීමේදී මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, රුපියල් 8000ක අල්ලසක් ලබා ගැනීමේදී තම විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව ය. පාසලට දරුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා දෙමාපියන්ගෙන් ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව ද ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ ය. සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.