රාජ්‍ය සේවකයින්ට යළි ත් වාහන ආනයනය කිරීමේ බලපත්‍ර

රාජ්‍ය සේවකයින්ට මැයි 01 වැනි දා සිට යළි වාහන ආනයනය කිරීමේ බලපත්‍ර

by Hashini De Mel 12-03-2019 | 9:29 PM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින් සඳහා ලබන මැයි මස 01 වැනි දා සිට වාහන ආනයනය කිරීමේ බලපත්‍ර යළි ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ අදහස් පළ කළේ, 2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයට අද එක්වෙමිනි. මුදල් අමාත්‍යවරයා කියා සිටියේ, රුපියල ශක්තිමත්වීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.