පුල්වාමා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු ඝාතනය කෙරේ

පුල්වාමා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු ඝාතනය කෙරේ

by Staff writer 12-03-2019 | 10:05 AM
ඉන්දීය සෙබළුන් 40 කට මරු කැඳ වූ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන මුඩාසීර් අහමඩ් ඛාන් ඝාතනය කළ බව ඉන්දීය හමුදාව පවසයි. ඉන්දීය හමුදාව සඳහන් කළේ, පුල්වාමාහි පින්ග්ලිෂ් ප්‍රදේශයේ ඊයේ පෙරවරුවේ පැවති ඒකාබද්ධ මෙහෙයුමකින් 23 හැවිරිදි මුඩාසීර් ඝාතනය කළ බවයි. එම මෙහෙයුම සිදුකර ඇත්තේ ජයීෂ් ඒ. මොහොමඩ් ත්‍රස්ත සංවිධානය, පිංග්ලිෂ් ප්‍රදේශයට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බවට ඉන්දීය බුද්ධි අංශ ලද තොරතුරක් පදනම් කරගනිමිනි. මුඩාසීර් ත්‍රස්තවාදියකු බවට පත්වීමට පෙර විදුලි කාර්මිකයකු ලෙස ක්‍රියාකර ඇති අතර පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ ඉකුත් පෙබරවාරි 14 දින සිට මේ දක්වා කාලය තුළ ඉන්දීය ආරක්ෂක අංශ ඝාතනය කළ දරුණු ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 18කි.