by Staff writer 11-03-2019 | 7:22 PM
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් පැවැත්විය.
ඒ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.
මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, ධර්ම ලිංගම් සිද්ධාර්ථන්, කේ. කෝඩීෂ්වරන්, සෙල්වම් අඩෙයිකලනාදන් හා මාවෙයි සේනාධිරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් ව සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරුන් ය.
විනාඩි 45 ක පමණ කාලයක් පැවති මාධ්‍යවේදීන්ට විවෘත නොවූ සාකච්ඡාවකින් පසු පක්ෂ නායකයින් මාධ්‍යයට අදහස් පළ කළහ.